වී වගාව

ශ්‍රී ලංකාවේ වී වගාව

ශ්‍රී ලංකාවේ ප්‍රධාන කෘෂිකාර්මික බෝගය වන්නේ වී වගාවයි.මෙය ශ්‍රීලංකාවේ වගාකිරීමේදී ප්‍රධාන කන්න 2කින් වගාකරයි.එනම්,
1.යල කන්නය
2.මහ කන්නය
01. යල කන්නය
(මාර්තු - අගෝස්තු (මාස 04 ) ක් අයත් වේ )


  • වී වගාවේදී වී වර්ගය හා එහි වයස අනුව නියමිත කාල සීමාව වෙනස් වෙයි.මාස 04 මාස 4 දින 15 වී වැපිරීම අප්‍රේල් මාසයේ මුල් සති දෙක තුළ සිදුකරයි.
  • මාස 3 දින 15 පමණ වයසින් යුත් වී වර්ග සිංහල අලුත් අවුරුද්ද පසුවී එලබෙන සතිය තුළ සිදුකරනු ලබයි.
  • මාස 3ක් වයසැති වීනම් අප්‍රේල් මාසය අවසානයේ සිදුකරනු ලබයි.
  • දිවයිනේ ප්‍රදේශ අනුව වී වර්ග වෙනස්වන අතර බොහෝවිට කෘෂි කර්ම දෙපාර්තමේන්තුව මඟින් අදාල වී ප්‍රභේද ඒ ඒ ප්‍රදේශවලට නිර්දේශ කරයි.

වී වගාවේදී තෙත් කලාපයට පොදු කරුණු
  • තෙත් කලාපයේ ජීවත්වන ගොවියාගේ ජීවන තත්ත්වය රැකී තිබෙන්නේ වියළි කලාපයේ ගොවියාගේ මෙන් කුඹුරු ගොවිතැන මතම නොවේ.අමතර ආදායම් ලබන වෙනත් වාණිජමය බෝග සඳහා තෙත්කලාපයේ ගොවියා යොමුවේ.
  • රත්නපුර ප්‍රදේශය ගංවතුර උවදුරට නිරන්තරයෙන් මුහුණ දෙන ප්‍රදෙශයකි.එවැනි ප්‍රදේශයක වී වගාව සිදුකරගෙන යාමේදී වී වර්ගයේ කාලය හොඳින් හඳුනාගෙන සිදුකිරීම ඉතා වැදගත් වේ.
  • සාමාන්‍යන් අලුත් අවුරුද්ද පසුවී දින 45කින් ගංවතුර පැමිණෙන බව පැරන්නන්ගේ මතයයි.එය මැයි 28 - 30ත් අතර කාලයේදී සිදුවන බව දළවශයෙන් පිළිගනී.ඒ වන විට වී වපුරා ගොයමට සති 3ක් පමණ ගතවීම සුදුසුය.එයට හේතුව ගොයමේ පඳුරු දැමීම ආරම්භවන්නේ වී වපුරා සති3 කින් පමණ නිසාය.
  • පැරණි ගොවිමහතුන් මෙම කාලයේ නිසි ප්‍රයෝජන ලබාගන්නා ලදී.එබැවින් ඔවුන්ටගංවතුර ආශිර්වාදයක් වීය. එම තත්ත්වයවර්තමාන ගොවියා ඒ ආකාරයටම යොදාගන්නා බවක් දක්නට නොමැතිවීම කණගාටුවට කරුණකි.
රජය මඟින් කාලවකවානු යොදාගැනීමට ගොවි සංවිධාන හරහා කන්න රැස්වීම් යොදාගැනීම නිර්දෙශකළත් ගොවියා ඒ අනුව කටයුතු කරනබවක් දක්නට නොමැත.මෙම තත්ත්වය සමස්ත ලංකාවටම පොදුවූ තත්ත්වයකි.මෙයට බලපෑ කරුණු කිහිපයකි
  • ජල හිඟයක් තෙත් කලාපයේ ගිවියාට නොමැති වීම
  • ශ්‍රමය හිඟ වීම
  • යන්ත්‍රෝපකරණ හිඟය
  • තට්ටුමාරු හා කට්ටිමාරු ක්‍රමය
  • හැල් සහිත වීම (එරීම වැඩි වීම ) නිසා යන්ත්‍ර යොදාගැනීමේ අපහසුව.
  • ප්‍රශස්ථ අස්වනු හිඟය.
  • ගොවියාගේ ප්‍රධාන ජීවනෝපාය වෙනත් ආර්ථික බෝග සඳහා යොමු වීම.
නමුත් වියළි කලාපීය ගොවියාගේ තත්ත්වය මෙයටවඩා හාත්පසින් වෙනස් ස්වභාවයක් ගනී.
වියළි කලාපීය ගොවියා නිරන්තරයෙන් ප්‍රධාන ජීවනෝපාය කරගනු ලබන්නේ වී ගොවිතැනයි.
වියළි කලාපය තුළ ජලය හිඟවීම නිසා ජලය බෙදා හැරීමේ කාල රාමුව අනුව ගොවියාගේ වගාකිරීමේ කාල රාමුව සැලසුම් කරගත හැකිය.






No comments:

Post a Comment

අපගේ අරමුණ

සමස්ත ලෝකයටම තර්ජනයක්ව ඇති COVID-19 වෛරසය හේතුවෙන් ලාංකිකයෙකු ලෙසින් ඔබගේ යුතුකම ඉටුකරමින් නිවසේ රැඳී සිටින මහත්ම මහත්මියනි... ඔබ රජයේ නි...