ගෙවතු වගාව

ශ්‍රී ලංකාවේ එළවළු වගාව







ශ්‍රී ලංකාවේ එළවළු වගාව ප්‍රධාන මෝසම් අවධි සමඟ බැඳී පවතී. ඊසාන දිග මෝසමින් මෙන්ම නිරිත දිග මෝසමින්ද එළවළු වගාවේ වැඩිවීම දක්නට ඇත. එළවළු වගාවද ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි.

  • වියළි කලාපය
  • තෙත් කලාපය වශයෙනි.

මෙම බෙදීමද නැවත පහත රට හා උඩරට වශයෙන් වෙනස්කම් දක්නට ඇත.
විශේෂයෙන් ශ්‍රීලංකාවේ එළවළු වගාව රටපුරාම දක්නට ලැබුනත් ඊසාන දිග මෝසම්සමය පදනම් කරගෙන උඩරට වියළිකලාපයේ මහාපරිමාණ වශයෙන් එළවළු වගාව සිදුකරනු ලබයි.එම කාලය තුළ එම උඩරට වියළි කලාපයතුළ වගාවේ වැඩිවීමක් දකගත හැකිය.
තෙත් කලාපයේ එලවළු වගාව සමස්ථයක් ලෙස ගත්කළ පහතරග මෙම වගාව ගෙවතු වගාවක ස්වරූපයක් ගනී.එහෙත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමට අයත් ඉහල කොටසේ බහුල ලෙස එළවළු වගාව සිදුවන අතර, එය වාණිජමය වශයෙන්ද වැදගත්කමක් උසුලනු ලබයි. 

ශ්‍රී ලංකාවේ සියළුම දේශගුණික කලාපයන්ට ගැලපෙන එළවළුවර්ග කිහිපයක් ප්‍රධාන වශයෙන් සඳහන් කළ හැකිය.
01.කරවිල

  • විද්‍යාත්මක නාමය:- Momodica Charantia
  • කුලය:-(කුකර්බිටියේෂි )

කරවිල ඖෂධීය වශයෙන් ගුණදෙන එළවළුවක් බැවින් වර්තමානය වන විට ජනප්‍රියව පවතී. විශේෂයෙන් රුධිරයේ සීනි පාලනයට කරවිල ආහාරයට ගැනීම සුදුසු බව බොහෝදෙනා විශ්වාස කරති.  කරවිල මධ්‍යම කඳුකරය දක්වා රටපුරා වගාකළ හැකිය.
සෑම ප්‍රදෙශයකටම සරිලන නිර්දේෂිත ප්‍රබේද

  • කොළපැහැති කරල් මතුපිට දාර මතුවී ඇති වර්ගය (එම්.සී 43 )
  • සුදු දිග කරල් සහිත කරලෙහි දාර සහිත කරලෙහි දාර සහිත වර්ගය  ( තින්නවේලි සුදු )

වගා කිරීමේ දී ශාඛ රෝපණය කළ යුතු පරතරය.

  • 1.5 m x 1මm නිර්දේෂිත ප්‍රමාණය වේ.
  • නමුත් ගෙවතු මෙයට වඩා වැඩි අවකාශයක් භාවිතා කිරීම අස්වැන්න වැඩිකර ගැනීමට රුකුලකි.

සුදුසු බිම.

  • කාබනික පොහොර සහිත පසක් කරවිල වගාවට වඩාත් යෝග්‍ය වේ.

වගාවට සුදුසු කාලය

  • යල කන්නයේදී අප්‍රේල් හා මැයි මාස සුදුසුය
  • මහකන්නයේදී ඔක්තොම්බර් මාසය සහ නොවැම්බර් මාසයත් සුදුසුය.

කරවිල වැල වර්ධනය වනවිට වැලට හොඳින් හිරුඑළිය ලැබිය හැකිලෙස සුදුසු ආධාරක ක්‍රම යොදාගැනීම හෝ මැස්සක් (පන්දලමක් ) සකස්කර ගැනීම කළ හැකිය.
පොහොර භාවිතය

  • පොහොර යෙදීමේදී එන්.පී.කේ(NPK) මිශ්‍රණය සකස් කර වලකට 10g පමණ යෙදිය යුතුය.
  • පැල වැඩෙනවිට දෙසතියකින් පසුව යූරියා සහ එම්.ඕ.පී 10g ප්‍රමාණයක් පමණ යෙදීම සුදුසුය.
  • මල්හට ගැනීම ආසන්නවන කාලය වූ දින 40 දී පමණ නැවතවරක් යූරියා සමඟ එම්.ඕ.පී රසායනික පොහොර 10g පමණ යෙදීම සුදුසු වේ.

ජලය සැපයීම

  • කාළගුණ තත්ත්වයට අනුව ජලය සැපයීම අවශ්‍ය වූවද , අවශ්‍ය තරමට වඩා ජලය යෙදීම සුදුසු නැත.
පළිබෝධ පාලනය
විශේෂයෙන් වල් පැලෑටි ඉවත් කිරීම සඳහා රසායනික වර්ග යොදාගැනීම සුදුසු නැත.හැකි සෑම විටම වල පැලෑටි ගලවා ඉවත් කිරීම සහ වැල්වල මුල්වලට පස් එකතුකිරීම මඟින් සරු අස්වැන්නක් ලබාගත හැකිය.
කෘමි හානි  
  • ගඬු මැස්සාගේ හානිය
  • ඉල් මැස්සාගේ හානිය
පිළියම්
  • කරවිල වැල් අවට පොළව රේක්ක මඟින් හෝ ඉදලක් වැනි උපකරණයක් ආධාරයෙන්පොළව ඇවිස්සීමෙන් ඉල් මැස්සාගේ පිලාඅවස්ථාව විනාශකර දැමිය හැකිය.
  • එසේම මෙම සතාගේ හානිය සිදුවන්නේ කරල් හැදෙන කාලයේදී කරල්වලට බැවින් මෙසේ හානිකර නරක් වූ කරල් වැල අසල නොදැමීම සහ පොළවෙන් අඩියක් පමණ යට වැලලීම කළයුතුය.
  • නැතහොත් පුළුස්සා දැමීම කළ හැකිය.
  • කරලේ මල් පිපීමෙන් අනතුරුව තුනී පොලිතීන් ආවරණයකින් හෝ ආවරණය කළයුතු වූවද, කරලට වාතාශ්‍රය ලැබීමට ආවරණයේ යට කෙළවර විවෘතව තැබීම කළ හැකිය.
  • ගෙවතු වගාවේදී අපරීක්ෂාකාරී අන්දමින් රසායනික පොහොර යදීම නොකළ යුතු අතර,මෙසේ රසායනික යොදනවානම් කෘෂිකර්ම නිළදාරීන්ගේ උපදෙස් ලබාගැනීම යෝග්‍ය වේ.
ගඬු මස්සාගේ හානිය.
  • පැල අවස්ථාවේදී කඳේ මැද අවස්ථාවට හානි කරයි.පැල අවස්ථාව තුළ මැස්සා කඳ කොටසේ බිත්තර දමන නිසා වඩෙන කීටයන් කඳ කොටසට හානි කරයි.කරවිල පැලයේ වැඩීම මේ නිසා දුර්වල වේ.
  • ගෙවතු වගාවේදී මේ සඳහා රසායනික භාවිතා කිරීම කිසිසේත්ම අවශ්‍ය නැත.පලයේ කඳ තුළ ගඬු මැස්සාගේ කීටයන් වර්ධනය වන තැන පලා ඉවත්කිරීම මඟින් හානිය අවම කර ගත හැකිය.
වැළඳෙන අනෙකුත් රෝග
  • හිටු මැරීම
  • යටිපුස් රෝගය
  • විචිත්‍ර වෛරස් රෝගය
හිටු මැරීම
  • වගාව සඳහා පස සකස්කර ගන්නා අවස්ථාවේදී පසමත වියළි කොළ තණකොළ යොදා පිළිස්සීම 
  • වලවල්වලට නටන උණුවතුර දැමීම වැනි ජෛව ක්‍රම මඟින් වලක්වා ගත හැකිය.
  • පස සකස් කරන විටදී කැප්ටාන්, තිරාම් හෝ හෝමායි වැනි රසායනිකයන් යෙදීමෙන් වලක්වා ගත හැකිය.
යටිපුස් රෝගය.
  • කරවිල වැලේ කොළමත කහ පැහැති පුල්ලි ඇතිනම් ඒ සඳහා දිලීර නාශකයක් මඟින් වලක්වා ගත හැකිය.
  • ඇතැම් අවස්ථා වලදී අත්බෙහෙතක් ලෙස කුරුඳුකොළ ඉස්ම භාවිතා කිරීම මඟින් හොඳ ප්‍රථිඵල ලබාගත හැකිවේ.
විචිත්‍ර වෛරස් රෝගය
  • මෙයට භාවිතා කළ හකි බෙහෙතක් නොමැත.
  • මෙම රෝගය වැලඳී ඇති වැල් වාහම ගලවා ක්ෂේත්‍රයන් ඉවත් කිරීම කළයුතුය.



02. වැටකොළු වගාව
  • විද්‍යාත්මක නාමය:- Luffa Acutangula
  • කුලය:-(කුකර්බිටියේෂි )

  • වඩා හොඳින් වගා කළ හැක්කේ පහත රට තෙත් හා අතර මැදි කලාපවලද, මැදරට තෙත් හා අතමැදි කලාපවලද වේ.
  • වැල් බෝගයකි.
වගා කාලය
  • තෙත් කලාපය :- වසර පුරාම කළහැකිය (නමුත් තද වැසිකාලවලදී එතරම් සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන්නේ නැත.)
  • වියළි කලාපය :- (මහකන්නය  - ඔක්තොම්බර්-ජනවාරි මාස අතර කාලය. )
පස
  • වැලි ලෝම පස වඩාත් සුදුසුවන අතර හොඳින් ජලය බැසයන තත්ත්වයක් පවත්වා ගතයුතුය.
  • කාබනික ද්‍රව්‍ය අඩංගු පස වඩාත් යෝග්‍ය වේ.
භූමිය සැකසීම
  • අඩි 1ක් පමණ දිග,උස,පළල නැත්නම් (30cm x 30cm x 30cm)ප්‍රමාණයේ වලවල් අඩි 4ක පමණ පරතරයට සකස් කරගැනීම යෝග්‍ය වේ.
  • එහිදී කැප්ටාන්,තිරාම් හෝ හෝමාරි වැනි දිලීර නාශක පසට එක් කිරීම නැත්නම් එම වලවල්වලට වියළි කොළ රොඩු අතුරා පුළුස්සා ගැනීම මඟින් දිලීර මර්දනය කරගත යුතුය.
  • ව්‍යාපාරිකව වගාකරන විට පරතරය අඩි 4ක් පමණ වූවද, ගෙවතු වගාවේදී අවශ්‍යතාවය අනුව මීට වඩා වැඩි පරතරයක් ලැබීමෙන් උසස් අස්වැන්නක් ලබාගත හැකිය.
  • බීජ සිටුවීමට දින 2 -3 කට පෙර කාබනික පොහොර  1 Kg ක් පමණ හා රසායන පොහොර 5-10g පමණ යොදා පසට කලවම් කිරීම සුදුසු වේ.
  • පැල වැඩෙන කාලයේදී අඩි 6 ක් පමණ උස කනු සිටුවා පන්දලම සාදවා එයට වැල් යොමු කිරීම කළහැකිය.
පොහොර භාවිතය
  • රසායන පොහොර බීජ සිටුවීමෙන් සති 4 - 8 අතර රසායන පොහොර (NPK) 10 g බැගින්වත් යෙදීම කළයුතු වේ. 

No comments:

Post a Comment

අපගේ අරමුණ

සමස්ත ලෝකයටම තර්ජනයක්ව ඇති COVID-19 වෛරසය හේතුවෙන් ලාංකිකයෙකු ලෙසින් ඔබගේ යුතුකම ඉටුකරමින් නිවසේ රැඳී සිටින මහත්ම මහත්මියනි... ඔබ රජයේ නි...